Saturday, December 17, 2016

පරන අවුරුද්දෙන්...

  මිනිසා යනු ලැබෙන්න ලැබෙන්න එයින් සෑහීමකට පත් නොවන කොටිඨාශයක් යැයි හූනි කියූ විට සමහරු එය පිලි නොගන්නට පුලුවන. 

 සල්ලි තියෙන කොට සමහරු හිතනවා.. සල්ලි වලට කරන්න බැරි දෙයක් නැහැ කියලා.. ඒ එක්කම හිතට වද දෙනවා... ඒ තිබෙන දේ හොර හතුරන් උදුරා ගනීවි  කියලා.. ඒත් එයින් සෑහීමකට පත් නොවී.. ලද දෙයින් සතුටු නොවී.. තව තව හමිබ කරන්නම හිතනවා..

ඒ වගේමයි සල්ලි නැති කෙනා හිතනවා.. සල්ලි තියෙන තැනයි සතුට තියෙන්නෙ කියලා.. ඒත් පසුව ටික ටික ලැබෙන්න ලැබෙන්න තේරුමි ගන්නවා .. සල්ලි කියන්නෙ සතුට නෙවෙි කියලා..

සතුට නිරතුරු ඇති වෙන්නෙ හොද දේ තුලින්. එයින් තමන්ට මෙන්ම අන් අයටත් සතුටක් ඇති වන එකයි මෙි නිසා සිදු වෙන්නේ..

මෙහෙම හූනි කියන්න හිතුවෙි... අවුරුද්දක් ගෙවී නව අවුරුද්දක් ලග ලගම උදාවෙනවනේ. ගෙවී ගිය අවුරුද්දේ කල කී දෑ වලින් හිතට කා වැදුනු හොද නරක කල යුතු නොකල යුතු සමහරක් දේ රුචිකත්වය අනුව රැගෙන එනවා දාලා එන්න ලෝභකමට.
  ඒ අර ගෙන ආවෙි හොද දේ නමි කාටවත් හානියක් නැත.    ඒ වගේම තමන්ටත් හොදය. තමුන්ගේ ප්‍රිය මනාපයට අහිතකර දෙයක් රැගෙන ආවෙි නමි එය කාටත් හොද නැත.

මුදල් මූලික කර ගෙන හුනි මෙි කතාව පටන් ගත්තට තවත් දේ තියෙනවා මිනිසා නිරතුරු හබා යන්න වෙහෙසෙන..... සමහර අතවශ්‍ය දේත් මෙි අතරෙ මුල් තැන ගන්නවා.. ඔිනවට වඩා හබා යාමෙන් මිනිසා වල්මත් කරවන.සමහරුන්ට වරදින්නේ සමහර දේ ගැන ඔිනවට වඩා දැන ගැනිමට යෑම ,ලං කර ගැනීමට යෑම හා ලබා ගැනීමට යාම නිසා නොවෙද?

  ඉතිං අවසාන කරනවා හුනි පවසා මෙසේ... පරන අවුරුද්දෙ වුන අතපසුවීමි නිසා කෙනෙකුට යමි තැනක් වැරදුනේ නමි, සිත රිදුනේ නමි පාඩුවක් වූයේ නමි ඒ මතකයන් පරන අවුරුද්දේ තබා නව වසරට සතුටින් පිය නගා යමු ...
           
ගෙවි යන වසර‍ෙ සිට හූනි පතනවා...  ලබන්නා වූ නව වසර හැමෝටම සුභ වෙන්න..

  

No comments:

Post a Comment