Wednesday, February 3, 2016

68 වෙනි ජාතික නිදහස් දිනය වෙනුවෙනි


                                හූනිගේ හිතට නැගුනු නිදහස් දින සිතුවිල්ල (කාට රිදුනත් ..ඇත්ත තිත්තය... තිත්ත වුනත් ...නොපැකිලිව කියන්නෙ ඇත්තය...)  1948 නාමිකව රටට නිදහස ලැබුනා.... වසරින් වසර අලුත් වී කවුරු හිටියත් නැතත් .. නිදහස් දිනය අභිමානවත්ව සැමරුවා .... රට වැසියාට හිතට නිවනක් ,නිදහසක් නැති වුනත්.. ඒ දේ සුපුරුදු ලෙසින් සිදු වුනා... විදි කටුක අත්දැකිමි වලින් හෙමිබත් වුනත්.. කෙසේ හෝ හිත හදා ගෙන.. නිදහසක් නැතත් නිදහස සැමරුවා... එහෙත් වසර කිහිපයකට පෙර ඒ සිතුවිල්ලෙ වෙනසක් වුනා... ඒ නිසා අපේ සැබෑ නිදහස එදින ලැබුවැයි අප එදා සතුටු වුනා.. එයට මූලික වූ සැබෑ විරුවන් නායකයන්... අපේ වත්මන් සැබෑ විරුවන් ලෙසින් මතකයේ රැදුනා.. එහෙත් අරුමයකි... ගෙවුන මෙි ටික කලට.. අප ජිවත්ව සිටියදීම... ඒ විරුවන් නායකයන් හා ඔවුන් වෙනුවෙන් කතා කල අය... දේශද්‍රෝහින් වුනා... දේශයට ද්‍රෝහිකමි කල අය දේශප්‍රේමින් වුනා... ඉතින් නිදහස්ව එක්සිත්ව සැමරිය හැකිද? තව දුරටත් අපේ රටෙි නිදහස..හූනිගේ හිතට නමි ගැටලුවක් ඇති වුනා..

එදා රට වෙනුවෙන් හඩක් නැගූවන් ගේ මෙවන් සොදුරු  දේශාභිමානි  ගී තුලින් පද වැල් තුලින් අපට රට වෙනුවෙන්.. ජාතිය වෙනුවෙන්.. ආගම වෙනුවෙන් හිතට ගත හැක යමක්...

ලක් වැසියන් කෙරෙහි නැමී

අරහත් මහ මිහිඳු හිමි

පෙව්වෙ උතුම් සදහම් මී

පුත නුඹටත් පොවමි එමී

ජාතිය රන් විමනක් වේ

ආගම මිණි පහනක් වේ

එය ‍රැකගන්නට මෙලොවේ

සමත් වෙතොත් පුත නුඹ වේ

මෙබඳු උතුම් ලංකාවේ

දසතින් දුසිරිත් බෝවේ

මේ ගැන වැඩ කොළොත් ලොවේ

නුඹෙත් මගෙත් නම කියැවේ

ඉටු කොට කළ යුතු යුතුකම්

ලැබුණත් ලෝකෙන් ගැරහුම්

ඉවසන්නට පුළුවන්නම්

නුඹයි මගේ පුතා උතුම්

තමන් ලැබූ දිවි පෙවෙතේ

කොටසක් රට සමය වෙතේ

පුද නොකොළොත් නුඹෙන් පුතේ

මෙලොවට කිසි පලක් නැතේ

මේ ගැන වැඩ කොට ඉමහත්

ලැබෙන දුකක් හිරිහැරයත්

නිවනට සරිකොට සිතතොත්

නුඹයි මගේ පුතා සමත්

කාටත් හිමි පොදු දේ නම්

නැති බැරි හිඟ අවහිරකම්

මේ දේ මැඩගෙන දස්කම්

පෑම තමයි සුරුවිරු කම්

උස් තැන් දැක හැකිලෙන්නේ

මිටි තැන් දැක පුප්පන්නේ

නිවටුන් බව සිතමින්නේ

මගේ පුතා ලොකු වෙන්නේ


ගී පද - ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි

ගී තනු - රෝහණ වීරසිංහ

ගායනය - සුනිල් එදිරිසිංහ

නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි ...නිවහල් නිමැවුමි මවනා සිතත් උදාරයි... එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි...


එදා රට වෙනුවෙන් හඩක් නැගූවන් ගේ මෙවන් සොදුරු  දේශාභිමානි  ගී තුලින් පද වැල් තුලින් අපට රට වෙනුවෙන්.. ජාතිය වෙනුවෙන්.. ආගම වෙනුවෙන් හිතට ගත හැක යමක්...

අද පමණක් නොවේ අපට හෙටක් තියනවා...

අරුණළු කැන් හිනැහී නව දිනක් ලබනවා...

අඳුරෙන් බර ආකර තුළ මැණික් දිලෙනවා...

දෙස බස රැස අපේ අතින් එළිය වැටෙනවා...


උදාසීන ජාතිය නිදි කිරා වැටෙන්නේ...

උදාරතර හැඟුම් පැතුම් නැත ලියලන්නේ...

උදාගිරෙන් උදාවෙමින් හිරු එනවාසේ...

නවෝදයක් බිහි කරලමු අපි ඉතිහාසේ...


මුනි සිරිපා පියුම් පිපුණ මේ මහ දෙරණයි...

දිගන්තයේ ජය දද නැගු හෙළ දෑ වරුණයි...

එම බැතියෙන් අභිමානෙන් මුළු ලොව සුවඳයි...

මෙම නිදහන් දිවි හිමියෙන් අපහට උරුමයි...                           ගායනය- නන්දා මාලනී

පද රචනය - කරුණාරත්න අබේසේකර.

සංගීතය - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස.



No comments:

Post a Comment