Sunday, January 17, 2016

හුනි තෝරා ගත් ගී පද රචනා එකතුවක් -1


දහසක් ඉපදී මිය යන පොළොවේ 
මමත් මියෙන්නට උපන් කෙනෙක් වෙමි 
මා මළ බව මුළු රටට දැනෙන ලෙස 
මිය යන්නට මම පෙරුම් පුරන්නෙමි

ගස් ගල් ඇතිවී නැතිවී යන සඳ 
වන මැද දියවැල් මතුවී වීයැළේ 
එවන් ගසක් දිය දහරක් වන්නද 
මවකගෙ කුස තුළ මා පිළිසිඳුනේ 

මගේ මුවින් එන වදන් වැලක් තුළ 
අනාගතේ සුබ සිහින රැඳේවා .... 
මගේ සුසුම් වැල් සුළඟට මුසුවී 
උදාර ජීවන සුවඳ දැනේවා....




ගගන සරනා සියොතුනේ
සොයා තුරු සෙවණක්
බලන් මිනිසුන් වැළපෙනා...
බලන් මිනිසුන් වැළපෙනා බිම පතා දිය කඳුළක්

ගගන සරනා මිනිසුනේ පතා සුව දසුනක්
බලන් සියොතුන් වැළපෙනා බිම
සොයා තුරු සෙවනක්

ගතින් සියොළඟ වසා සිහිලස දී
නිවා කුසගිනි නැවුම් රස පල දී
මව් ගුණෙන් දරු සෙනෙහසින් පේවී
මිනිසුනේ ඒ වන අරණ ඔබ නමින් දිවි පිදුවේ

නැගෙයි කුසගිනි පුරන් වූ කුඹුරින්
ගලයි ලෝදිය බිඳුණු වැව් බැම්මෙන්
හඞන්නටවත් තෙතක් නැති දෑසින්
මිනිසුනේ මේ බලන් මිහිතල හැරගියා දෙවියන්


සිනා මල් ගොඩක් පාර දෙපැත්තේ
නෙලා ගන්න හිතයි දොතට මල් කොහොම වටින්නේ
කදුලු මල් ගොඩක් පාර දෙපැත්තේ...
නෙලා ගන්න එපා මගේ මල් පුංචී කුමාරියේ
සිනා මල් ගොඩක් නෑ කදුලු මල් ගොඩක්

බලන්න ආසයි සෑන්දෑ බටහිර අහසේ
ඉගිල්ලේන්නද මං කිරිල්ළියක වාගේ අම්මේ
ඒ අහසේ සුළං කපොලු විදුලි අකුණු මන්දාරම්
මේ විශ්වයෙ රටාව තව දූ නෑ දන්නේ
සිනා මල් ගොඩක් නෑ කදුලු මල් ගොඩක්

අහන්න ආසයි තුරැහිස කුරැළු ගී පිරේ
අහුලා ගන්නද සවනට මිහිරි අම්මේ
ගැයෙනා මුතු කැට පදවැල් සීරේන විට කදුලු ගලයි
ඒ ගී උල්පත ගැන නෑ මගේ දු දන්නේ

සිනා මල් ගොඩක්.......නෑ කදුලු මල් ගොඩක්

මේ තරම් සියුමැලිද කළු ගල් 
හිතන්නට වත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත් 
දෑස් දුන් මිනිසා සොයා
දෑස් දුන් මිනිසා සොයා

කලාවැව ළඟ ඉලුක් හෙවනක
මැටි පිලක පැදුරක් එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු 
මැරෙන ඉපදෙන රළ දිහා
මැරෙන ඉපදෙන රළ දිහා

ඉසුරුමුණියේ නුඹ තැනූ 
පෙම්බරිය කොතැනද කියා 
මා ඇසූ විට හිනැහුනා ඔහු 
තවම තනිකඩ යැයි කියා 
තවම තනිකඩ යැයි කියා 
දෙවැනි බුදුන් ලෙස
ලොවම උවම් කළ
ලොවක පිදුම් ලද
ලොවට උතුම් ළඳ
අම්මා.....අම්මා.....අම්මා.....

දෙසවන් සනහා මා නැළවූ ඔබ
මියුරු මියැසියේ අරුත කියා දුනි
ඒ මියැසිය අද මා ගයනා විට
මා සිපගන්නට ඔබ මා ළඟ නැත
අම්මා....අම්මා.....අම්මා.....

ඇසට හඬන්නට කඳුළැලි දුන් ඔබ
ළතැවුල් දරනා දිරිය ලබා දුනි
ඒ දිරියෙන් ලොව ජය ලබනා විට
මා සිපගන්නට ඔබ මා ළඟ නැත

අම්මා....අම්මා.....අම්මා.....



මල කොතැන පිපුණ ම මොකද
පිපුණ වග මල දන්නවා
ගඟ කොතැන ගැලුවම මොකද
ගලන වග ගඟ දන්නවා…
සඳ කොතැන දිලුණම මොකද
දිලෙන වග සඳ දන්නවා
නුඹ කොතැන සිටියම මොකද
නුඹ ඉන්න බව මං දන්නවා

විලේ ලස්සන තවත් විල්දියෙ 
මලුත් පිපුණොත් තමා
දොළේ ලස්සන තවත් දොළ දියෙ
පෙණත් නැගුණොත් තමා
සඳේ ලස්සන තවත් සඳදියෙ
තරුත් දිලුණොත් තමා
නුඹේ ලස්සන තවත් නුඹෙ සිතෙ 
මාත් සිටියොත් තමා


සුන්දරත්වයෙන් පිරි සොඳුරුම සිහිනේ..     නෙත් දෙකින් අරන් එනු මැන සඳ පානේ..
සුන්දරත්වයෙන් පිරි සොදුරුම හීනේ ... නෙත් දෙකින් අරන් එන මැන සදපානේ...                                                              මල් ගෙනත් තබා දෝතින් පිළිගන්නයි ...  කල් බලා සිටින්නේ ඔබ දැකගන්නයි                                                              අල්පයක් ලෙසින් නිදහස රැක ගන්නයි... කල්පනා ලොවින් එතෙරට ඉගිලෙන්නයි 
වැහි වලාකුලින් පැල්පත සාදන්නයි ...කවුළුවක් ලෙසින් තබන්නේ දෙදුන්නයි                                                           සුපුරුදු ලෙස යලි ඉර හද පායන්නයි
ඒ මැදින් මගේ සම්පත ගෙට එන්නයි......                                                                                                       


ස්නේහයේ නගරයයි සිත මගේ
මාවතක් හෝ නොවූ රාගයේ
වන්දනාවේ ගිහින් ඉන්න
ආසයි මටත් කොයි ඉසව්වේද
ඒ මෙත් පුරේ...

යෞවනේ නිල් නුවන් සේ රැඳී
රන් මලක් වේ ද හද සල් වනේ
නෙත් පහන් දල්වලා
සිත් සඳුන් දුම් දවා
රන් සිනා පාමි පූජාසනේ...

මේ නවාතැන් ගෙවා ආත්මයේ
යනතුරා මිලින වී මතු දිනේ
සෙනෙහසේ සිහිළඹීන්
දොවන සේ යදිමි මා
පූජනීයයි උතුම් ආදරේ...

මලක මෙලෙක හිතා ගන්න - බැරි අතකින්මල් නෙලන්න එපා යාළුවේ   හිතක මෙලෙක හිතා ගන්න - බැරි හිතකින්පෙම් කරන්න එපා යාළුවේ 
රුවට රුවේ මල් පිපුණට තරඟ වැදී මල් නෙළුවට-මලට ආදරේ නැත්තම් මල් මිය යාවී..ලොවේ ආදරේ නොලැබුණු පෙති ගිලිහේවී..ආදරයක් නැති අතකින් මල් නෙලන්න බැරි වෙන්නයි - හිත ඉහළින් පොකුරු පොකුරු පෙම් මල් පිපුණේ...හිත ඉහළින් නෙලන්න බැරි පෙම් මල් පිපුණේ... 



අනේ මන්දා ඇයි කින්ද මන්ද මේ..
ඉරිසියා කරන්නේ ඉරිසියා හිතන්නේ..
හදා වඩාලත් නොවේය කවා පොවාලත් නොවේය
දැක්ක නොදැක්කා වාගේ..
අහක බලන්නේ..
කැළේ සතුන් වගේ හැංගි හැංගි ඇයි කුරුමාණම්
නසන රිසින් උගුල් අටවලා..
මුහුණට මුණ ගැසෙන සඳේ..
හිනා වෙන්නේ පණට පණ වගේ..
නැඟෙයි හෙමින් හෙමින්
යන ඉනිමං ඇයි අඩමානම්
හැදෙන ගසක මුදුන් මුල බලා..
පස යට වස හෙළති අනේ..
හිනාවෙන්නෙ පණට පණ වගේ..

රන් සමනළයෝ පුංචි කැකුළියෝ
දේදුන්නේ නැඟිලා 
මීදුම් සළුවේ තුරු මල් උයනේ
කොයි යන්නේ පියඹා.....

පෙම්බර ආල හිතේ ගී නොවෙදෝ ගැයුවේ
මොළකැටි බාල වියේ ඒ හුරතල් කොතැනේ
මව් දෑතින් මිදුණාදෝ
යෞවනයේ මත් වීදෝ

ලද මනමාල හිතේ ආදරයේ සුවඳේ
තව නොදිටීද ලොවේ ජීවිතයේ අරුමේ
මල් යහනා පැතුවාදෝ
ඒ යහනා හමුවීදෝ

No comments:

Post a Comment