Saturday, January 2, 2016

2016 නැවුම් සිතුවිලි...




   කෙනෙකුට නොතේරෙන දේ ඔබට තේරුමි ගන්න පුලුවන් විය හැකි තමා... ඒත් මතක තියා ගන්න, ඔබට නොතේරෙන දේ තව කෙනෙකුට තේරුමි ගන්න පුලුවන් බව.

තේරෙන කොට ප්‍රමාද වැඩි නමි නොතේරෙන එක ඊට වඩා හොදය.


තමන්ව ඔිනවට වඩා වර්ණනා කරන අය යාලු මිත්‍රයන් අතරේ ඉන්නවා නමි, ඒ අය ගැන අන් අයට වඩා සැලකීමත් විය යුතුය. මොකද? ඒ අය බොහෝ විට කරන්නේ හිස් හැන්දකින් කවනවා.. පොවනවා.. වැනි දෙයක් නිසා..


බොහෝ විට කෙනෙකුට බොරු හිතවත්කමි පාන අය මූනට සිනාසී එක් අඩුපාඩුවක් හෝ සොයා ගෙන දාහක් අඩුපාඩු මවා ගෙන, ඒවා තැන තැන ගොස් කියමින් අපහාස කරනු ඇත ..එවැනි අය තමාට කියා ප්‍රතිරෑපයක් නැති අයය.. අනෙක් අයගේ ප්‍රතිරූපය බිද දමන්න හදන්නේ ඒ නිසාය.. ඒ අය ගෙන් කෙනෙකුට ගත යුතු යමක් නැත.. නව වසරේ එවැනි අයව අතේ දුරින් තබා ගැනීම කාට කාටත් ගුනදායකය ..


ක්ෂනිකව යාලු මිත්‍රකමි පා ගෙන පැමින තමන් ගැන ඔිනවට වඩා සැලකීමත් වෙන අය යාලුවන් අතරේ ඉන්නවා නමි ඒ අය ගැන අන් අයට වඩා සැලකීමත් විය යුතුය. මොකද ඒ අය එසේ හැසිරෙන්නේ යමි යටි අරමුණක් හිතේ තබා ගෙන විය හැකි නිසා...

 ඇත්ත බොහෝ විට තිත්ත විය හැකි තමා... ඒත් බොරුවට වඩා පැනි රසය.

අපි හිතලා වෙනස් වෙන්න බැරි වුනාට කාලය අපිට නොදන්වාම අපිව හුගක් වෙනස් කරනවා..


ලස්සන බොහෝ දේ ඇතත් ඒ කිසිවකට ඔිනවට වඩා බැදෙන්න එපා... මොකද? මොහොතින් ඒ සියලු දේ මායාවක් විය හැකි නිසා ...

අපි ජීවත්ව ඉන්න කොට බොහෝ දේවලට ආස කරනවා ... ඒත් වෙලාව ආවම ඒ ඔක්කොම දාලා යන්න යනවා...                                                                        

මතු පිටින් අවලස්සන ලෙසින් බොහෝ විට දකින හා පෙන්වන දේ.. දකින හා පෙන්වන තරමි අවලස්සන වන්නේ නැත... 

No comments:

Post a Comment